ඉරානයේ පරමාණුක ස්ථාන ආසන්නයේ අයඩින් පෙති බෙදාහරින ව්‍යාපාරයක්

අමෙරිකාව විසින් ඉරානයේ නීතිගත පරමාණුක සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල කළ හැකි යැයි අනුමාන කරමින්, ආරක්ෂක පියවරක් ලෙස, එරට බලධාරීන් විසින් න්‍යෂ්ටික පහසුකම් ආසන්නයේ ජීවත් වන ජනතාවට අයඩින් පෙති බෙදා දීමට පටන්ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම බුෂෙර් (Bushehr) නගරය ඇතුළු පරමාණුක බලාගාර පිහිටි ප්‍රදේශවල ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම බෙදා හැරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

රේඩියෝනික හදිසි අවස්ථාවකට මුහුණ දීමේ සූදානමක් ලෙස සහ විකිරණ අවදානමෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අයඩින් පෙති ලබා දෙනු ලබනවා.

ඇමරිකානු පරිපාලනයෙන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ලවිය හැකි යුධමය තර්ජන සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තහවුරු කරනවා.

ඒ වගේම ඇමෙරිකාවෙන් එල්ලවිය හැකි ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට තමන් පසුබට නොවන බවටත් ඉරාන බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

කලාපයේ උද්ගත වී ඇති මෙම යුධ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග නොසන්සුන්තාවය තවදුරටත් ඉහල යනවා.