අද පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් අවිස්සාවේල්ල නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණු බවට වාර්තාවෙනවා.
එම හේතුවෙන් ප්රදේශයේ දෛනික ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
සවස්වරුවේ කෙටි වේලාවක් තුළ ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් රැස්වු ජලය බැසයාම අවහිර වීම හේතුවෙන් නගරයේ ප්රධාන මංසන්ධි සහ පහත්බිම් ප්රදේශ ගණනාවක් පිටාර ගලා ගොස් තිබුණා
මේ හේතුවෙන් පදික වේදිකා සහ වෙළෙඳසල් ආශ්රිතව ද ජලය පිරී ගොස් මගී ජනතාව අපහසුතාවට පත්වුණා.
එමෙන්ම කොළඹ – රත්නපුර ප්රධාන හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල නගර සීමාවට අයත් ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවී තිබුණු අතර, ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය මන්දගාමී තත්ත්වයකට පත්ව තිබුණා.
