රුවන්වැලි සෑය අබියස සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය කස්සප හිමියන්ගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය අද (08) දෙවන දිනටත් ක්‍රියාත්මකවෙනවා.
එම පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාන් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
මේ අතර, අද (08) දිනයේදී පොලිසිය විසින් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ අධිකරණය නියෝගය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු එහි රැඳී සිටි පිරිස දැනුවත් කිරීම සිදු කළා.
එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පොලිස් නිලධාරීන් වෙත කරුණු පැහැදිලි කරමින් එම ස්ථානයේ අඛණ්ඩව වැඩ සිටින බව ප්‍රකාශ කර සිටියා.
ඒ අතර අද පස්වරුවේදී අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය නිලධාරින් විසින් පූජය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකෙරුණා.
