AFC Banner
AFC Banner
Empty Ad

කටුනායක ඇඟලුම් කම්හලකින් ඇඳුම් සොරකම් කළ සේවකයෙක් අත්අඩංගුවට

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ නිෂ්පාදිත රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුතු කාන්තා සහ පිරිමි යට ඇඳුම් තොගයක් සොරා ගෙන ගොස් රෙදිපිළි අලෙවිසැල්වලට විකුණූ එම කර්මාන්තශාලාවේ සේවකයෙකු කටුනායක පොලිසිය විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ වසර 15ක් පමණ සේවය කර ඇති කිඹුලාපිටිය ගල්මංකඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදරු පියෙක්.

සැකකරු මෙම කර්මාන්ත ශාලාව තුළ යට ඇඳුම් නිෂ්පාදනය කෙරෙන විවිධ අංශ වෙත ගොස් ඒවා මුලින්ම තම කළිසම් සාක්කුවල දමා සඟවා ගෙන පසුව වැසිකිළිය තුළට ගොස් ඇඟලා ගෙන ඒවා සිය නිවෙසට ගෙන ගොස් තිබෙනවා.

අනතුරුව එම ඇඳුම් සැකකරු කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පිහිටි වෙළෙඳ සැල් වෙත අලෙවි කර ඇතැයි සඳහන්.

අපනයනය සදහා සූදානම් කර ඇති බොහෝ යට ඇඳුම් වර්ග තවමත් එම රටවලට හදුන්වා දී නොතිබුණු වර්ගවල ඒවා වන බවටයි හෙළිවී ඇත්තේ. කර්මාන්තශාලාව තුළ මේ ආකාරයට අතුරුදන් වී ඇති ඇඟලුම් ප්‍රමාණය පිළිබඳව සොයා බැලීම සදහා මේ වනවිට අභ්‍යන්තර විගණනයක් ද ආරම්භ කර තිබෙනවා.

කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?