කටාර්හිදී ත් ශ්‍රී ලාංකික සේවකයෙකු ඝාතනය කරලා

තව ත් ශ්‍රී ලාංකිකයෙකු විදෙස් රටකදී ඝාතනයට ලක්වූ පුවතක් වාර්තා වී තිබේ.

ඔහු කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ අල් වහාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ආරක්ෂක නියාමකවරයෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකි.

කටාර් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, බදාදා පස්වරුවේ ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව ය.

අදාළ නිවාස සංකීර්ණයේ සේවයේ නිරතව සිටියදී මෝටර් රථයකින් තවත් තරුණියක සමග පැමිණ නිවාස සංකීර්ණයට ඇතුළු වීමට උත්සහ කළ තරුණයෙකුගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ තරුණයා එය ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ අනුව, අදාළ ශ්‍රී ලාංකික ආරක්ෂක නියාමකවරයා මෝටර් රථය නිවාස සංකීර්ණයට ඇතුළු කිරීමට අවසර නොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි වාර්තා වේ.

මෙම ශ්‍රී ලාංකිකයා පිළිබඳව තොරතුරු විමසීමට Doha News ආයතනය කටාර්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතා ඇතත් ඔවුන් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බව එම පුවත් සේවය සඳහන් කර තිබේ.

මේ අතර, මෙම ඝාතනය සිදු කළ සැකකාර කටාර් ජාතික තරුණයා අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ජීවත් වීම සඳහා ආරක්ෂිත ම රටවල් අතරින් ප්‍රමුඛත්වය ලබා ඇති රටක් වන කටාර් රාජ්‍යයේ වෙඩි තැබීම් ඉතා දුර්ලභ ය. මේ හේතුවෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට මාධ්‍යවල සහ ජනතාවගේ දැඩි අවධානයක් යොමුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27