ඔස්ට්‍රේලියාව 2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

ඒ දකුණු අප්‍රිකාව සමග පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්.

කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.

මෙම තරගයේ 14 වන පන්දු වාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු වුණා. ඩේවිඩ් මිලර් ලකුණු 101 යි. Heinrich Klaasen ලකුණු 47ක් ලබා ගත්තා. ඒඩ්න් මැක්රම් ලකුණු 10කට දැවී ගියා. ක්වින්ටන් ඩි කොක් ලකුණු 3ක් ලබා ගත් අතර නායක ටෙම්බා බවුමා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් කඩුලු 3ක් බැගින් ලබා ගත්තා. ට්‍රේවිස් හෙඩ් සහ ජොෂ් හැස්ල්වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක් හිමි වුණා.

ඔවුන් පන්දුවාර 47යි පන්දු 1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Travis Head ලකුණු 62ක්, David Warner 29ක් සහ Steven Smith ලකුණු 30ක් ලබා ගත්තා. Tabraiz Shamsi සහ Gerald Coetzee කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

මේ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?