ඔමික්‍රොන් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් 41 දෙනෙකු ඊයේ තහවුරු කළා.

එම පිරිස කටුනායක ගුවන් තොටුපොල, මහර සහ මිනුවන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් ලබාගත් සාම්පල්වලින් හදුනා ගැණුනු බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ. 

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඔමික්‍රොන් ප්‍රභේදයේ නවතම දත්ත අනුව රෝග ලක්‍ෂණ මතුවීමට පෙර යම් පුද්ගලයෙකුගෙන් වෛරසය සීග්‍රයෙන් පැතිරයා හැකි බව තහවුරු කර ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ. 

වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනයන් දෙදෙනකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා. 

සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් පවුලක 50 හැවිරිදි පියා සහ 25 හැවිරිදි දියණියකට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා. 

එම පවුලේ මව, මිත්තනිය සහ දියණියකටද රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. 

ඔමික්‍රොන් වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති පවුලේ පියාට සහ දියණියට රෝගය වැළඳී ඇති ආකාරයක් නොදන්නා බවත් එම දෙදෙනාම සීදූව ප්‍රදේශයේ පෞද්ගලික ආයතන දෙකක සේවය කරන බවත් අනාවරණයවී ඇති අතර ඔවුන් බස්රථවලින් ගමන් ගෙන ඇත. 

එම තරුණිය සීදූව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන්නියක් බවද අනාවරණයවී තිබේ. 

දැනට රෝග තත්ත්වයෙන් පසුවන්නවුන්ගේ වැලිවේරියෙහි නිවසට පැමිණ ඇති බව කියන ඔවුන්ගේ ගම්පහ ප්‍රදේශයේ ඥාති පවුලක සාමාජිකයන් තිදෙනකුටද කොරෝනා රෝග ලක්ෂණ පවතින බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03