Empty Ad
AFC Banner
Empty Ad

ඔන්ලයින් ඉගෙන ගන්න දියේ කිමිදී වැලි ගොඩ දමන මල් කැකුළ

පවතින කොවිඞ් වසංගතය හමුවේ බොහෝ දෙනෙකු දෙයක් කරකියා ගත නොහැකිව අසරණ වෙද්දී මෙරට සුවහසක් දැයේ දුවා දරුවන් ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයේ ළිං පතුළට වැටී තිබෙන අයුරු විවිධ අවස්ථාවන්හිදී වාර්තා වේ.  එවැනි මල් කැකුළක් පිළිබඳ ඉතා අමිහිරි පුවතක් පොළොන්නරුව හි`ගුරක්දමන ප‍්‍රදේශයෙන් අසන්නට ලැබේ.ඇය දැහැමි නෙත්සරාය. හි`ගුරක්දමන මහා විiාලයේ පස්වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් එතෙර වන්නට හීන දකින ඇය එම හීන සඵල  කරගැනීමට කිසිවෙකුත් නොසිතන අන්දමේ  රැුකියාවක් සිදු කරයි.
 
ගත සවිමත් හැඩි දැඩි පිරිමින් විසින් සිදු කරන වැලි ගොඩ දැමීමේ රැුකියාවක ඇය මේ දිනවල නිරතව සිටින්නීය. ඒ ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයේ අත්‍යවශ්‍යම මෙවලම වූ ජංගම දුරකථනයක් මිලදී  ගැනීමටය.
 
සමාජයේ කා අතරත් ඇති ජංගම දුරකථනයක් මිලට ගැනීමට වත්කමක් නොමැති ඇය මේ දිනවල සිය මව සමග මින්නේරිය ඔයේ එකී දුෂ්කර ව්‍යායාමයේ නිරත වන්නීය.යම් තරමකට ඔත්පලව සිටින සිය පියාද රැුක බලා ගනිමින් ජීවිතයේ මං හසර සොයා යන ඇයගේ දුක්බර කථාව අපි දැන් අසමු.
 
 මගේ යාළුවෝ ඔක්කොම ෆෝන් එකෙන් ඉගෙන ගන්නවා. ඒත් මට එහෙම ඉගෙන ගන්න ෆෝන් එකක් නෑ. ඒ නිසා මං ෆෝන් එකක් ගන්න වැලි  ගොඩදානවා. දැනට මං ගාව රුපියල් 1500 ක් තියෙනවා. ඒත් ඒ ගාණ ෆෝන් එකක්
 
 ගන්න මදි. වැලි ගොඩ දැම්මාම මට තව රුපියල් 2000 ක් විතර එනවා. ඒකට මටයි අම්මටයි සතියක් විතර යනවා. එතකොට ඉස්කෝලේ වැඩත් මග ඇරෙනවා. මං කොහොම හරි පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙන්න තමයි බලන්නෙ.ගමේ අය ළ`ගවත් ෆෝන් එකක් ඉල්ලගන්න නෑ. කාගෙ හරි ගාව පරණ ෆෝන් එකක් තියෙනවා නම් දෙන්න. ආයෙත් ඉස්කෝලෙ පටන් ගත්තාම දෙන්නම් යැයි ඇය හැ`ඩූ කඳුලෙන් කියන්නීය. තාක්‍ෂණයට ඇයගේ කඳුල මිල නොවූවද ඔබට අපට ඒ කඳුළුවලට මිලක් නියම කළ හැකි නොවේද. මෙවැනි තවත් දුවා දරුවන් දහස් ගණනක් සමාජයේ කුමන හෝ මුල්ලක ඇතිවාට සැක නැත.  එහෙත් අප දැහැමිගේ නෙත් සරසා අනාගතය ජය ගන්නට සවියක් වෙමු.


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
00:00
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09
Video thumbnail
BREAKING NEWS 🔴ගිනි අවියක් සමග - ශාන් පුතා අත්අඩංගුවට #shanputha #ශාන්පුතා
02:15
Video thumbnail
ගුවන් යානයක් ගිනි ගනී
00:54
Video thumbnail
මගීන් 178දෙනෙකු සමග හදීසියේ ගොඩබැස්සූ ගුවන් යානයක් ගිනි ගනී #globalnews
01:19
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20

?