ඔන්ලයින් ඉගෙන ගන්න දියේ කිමිදී වැලි ගොඩ දමන මල් කැකුළ

පවතින කොවිඞ් වසංගතය හමුවේ බොහෝ දෙනෙකු දෙයක් කරකියා ගත නොහැකිව අසරණ වෙද්දී මෙරට සුවහසක් දැයේ දුවා දරුවන් ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයේ ළිං පතුළට වැටී තිබෙන අයුරු විවිධ අවස්ථාවන්හිදී වාර්තා වේ.  එවැනි මල් කැකුළක් පිළිබඳ ඉතා අමිහිරි පුවතක් පොළොන්නරුව හි`ගුරක්දමන ප‍්‍රදේශයෙන් අසන්නට ලැබේ.ඇය දැහැමි නෙත්සරාය. හි`ගුරක්දමන මහා විiාලයේ පස්වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් එතෙර වන්නට හීන දකින ඇය එම හීන සඵල  කරගැනීමට කිසිවෙකුත් නොසිතන අන්දමේ  රැුකියාවක් සිදු කරයි.
 
ගත සවිමත් හැඩි දැඩි පිරිමින් විසින් සිදු කරන වැලි ගොඩ දැමීමේ රැුකියාවක ඇය මේ දිනවල නිරතව සිටින්නීය. ඒ ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයේ අත්‍යවශ්‍යම මෙවලම වූ ජංගම දුරකථනයක් මිලදී  ගැනීමටය.
 
සමාජයේ කා අතරත් ඇති ජංගම දුරකථනයක් මිලට ගැනීමට වත්කමක් නොමැති ඇය මේ දිනවල සිය මව සමග මින්නේරිය ඔයේ එකී දුෂ්කර ව්‍යායාමයේ නිරත වන්නීය.යම් තරමකට ඔත්පලව සිටින සිය පියාද රැුක බලා ගනිමින් ජීවිතයේ මං හසර සොයා යන ඇයගේ දුක්බර කථාව අපි දැන් අසමු.
 
 මගේ යාළුවෝ ඔක්කොම ෆෝන් එකෙන් ඉගෙන ගන්නවා. ඒත් මට එහෙම ඉගෙන ගන්න ෆෝන් එකක් නෑ. ඒ නිසා මං ෆෝන් එකක් ගන්න වැලි  ගොඩදානවා. දැනට මං ගාව රුපියල් 1500 ක් තියෙනවා. ඒත් ඒ ගාණ ෆෝන් එකක්
 
 ගන්න මදි. වැලි ගොඩ දැම්මාම මට තව රුපියල් 2000 ක් විතර එනවා. ඒකට මටයි අම්මටයි සතියක් විතර යනවා. එතකොට ඉස්කෝලේ වැඩත් මග ඇරෙනවා. මං කොහොම හරි පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙන්න තමයි බලන්නෙ.ගමේ අය ළ`ගවත් ෆෝන් එකක් ඉල්ලගන්න නෑ. කාගෙ හරි ගාව පරණ ෆෝන් එකක් තියෙනවා නම් දෙන්න. ආයෙත් ඉස්කෝලෙ පටන් ගත්තාම දෙන්නම් යැයි ඇය හැ`ඩූ කඳුලෙන් කියන්නීය. තාක්‍ෂණයට ඇයගේ කඳුල මිල නොවූවද ඔබට අපට ඒ කඳුළුවලට මිලක් නියම කළ හැකි නොවේද. මෙවැනි තවත් දුවා දරුවන් දහස් ගණනක් සමාජයේ කුමන හෝ මුල්ලක ඇතිවාට සැක නැත.  එහෙත් අප දැහැමිගේ නෙත් සරසා අනාගතය ජය ගන්නට සවියක් වෙමු.


 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16