ඒකට මට මිලියන දෙකක් ගෙවනවා කිව්වා..

දුරකථන ඇමතුමක් ලබාදී අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් සිදුකළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකළ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයා ඇප ම නිදහස් කර තිබෙනවා.ඔහු අද (01) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

එහිදී සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර සෑම මසකම පළමුවන ඉරිදා සහ අවසන් ඉරිදා වරාය පොලිසියට වාර්තා කරන ලෙසටද අධිකරණය වැඩිදුරටත් නියෝග කළා.

බෙන්තොට ගෝනගලපුර පදිංචි 46 හැවිරිදි වියේ පසුවන සැකකාර සහය අධ්‍යක්ෂවරයා විසින් ප්‍රවින චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනි සිට ප්‍රසිද්ධ නිළියක් වන නිර්ධා උයන්හේවාට ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එහිදී චිත්‍රපටියක රඟපෑමට ඇය තෝරාගත් බව පවසා ලිංගික ක්‍රියා පිළිබඳ ප්‍රශ්ණ කරමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විමයි ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ.

පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පළමුවන සැකකරු අඩංගුවට ගෙන නොමැති අතර විමර්ශන කටයුතු වැඩිදුරටත් ක්‍රියාත්මක බවයි.

නිර්ධා උයන්හේවා විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉකුත් 15 වන දින දුරකතනයෙන් කතාකල අයෙකු තමා මහාචාර්ය සුනිල් ආරියරත්න බවත් චිත්‍රපටියක රඟපෑමට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා මිලියන දෙකක් ගෙවන බවත් පැවසූ බවයි.

අනතුරුව දුරකථනය ඔස්සේ අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඒ පිළිබඳව සැකසිතීමෙන් අනතුරුව තමන් පොලිසියට පැමිණිලි කළ බවයි ඇය පවසා ඇත්තේ.

ඒ අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය චිත්‍රපටි නිළියක්වු කාන්තාවකට චවනයෙන් ලිංගික හිරිහැර සහ ලිංගික ක්‍රියාවලිය පිළබද ප්‍රශ්ණ කර අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අන් අයෙකු ලෙස පෙනි සිට කුමන්ත්‍රණය කිරිම එයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.ගාල්ල වරාය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවින්ට දුන් වන්දි ලේඛන, විකෘති කරලා වන්දිය හරවා යැවීමේ සූදානමක්..මෙන්න නිලධාරින්ගේ පැටිකිරිය
07:18
Video thumbnail
අනුරට දුන්නනේ.. හූ හූ - දැන් සැප ද
01:41
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24