AFC Banner
AFC Banner
Empty Ad

එතෙරින් ගෙනා කුෂ් ගැන රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලිසියට අවසර

විදේශීය රටකින් මෙරටට ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු ව දින 03 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා පොලීසියට අවසර ලබා දී
තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත්තේ කුරුණෑගල -යන්තම්පලාව පදිංචි පුද්ගලයෙකුට එරෙහිව බවයි.

සැකකරුගේ නමට කුරුණෑගල – වීරඹුගෙදර පිහිටි පෞද්ගලික ආයතනයට ලැබී ඇති පාර්සලයක කිසියම් මත්ද්‍රව්‍යයක් ඇති බවට මහනුවර මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ඉකුත් 24 වෙනිදා මහනුවර මත් ද්‍රව්‍ය විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් සිදු කර කරනු ලැබුවා.

සැකකරු නමට ලැබී තිබූ පාර්සලයේ කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 736 ක් ද,මැජික් මෂ්රූම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 ක් ද, විමර්ශන කටයුතු සිදු කළ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව සැකකරුව වීරඹුගෙදර පොලිස් ස්ථානය මගින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් අවස්ථාවේදියි අධිකරණයෙන් මෙම විශේෂ නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?