එතෙරින් ගෙනා කුෂ් ගැන රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලිසියට අවසර

විදේශීය රටකින් මෙරටට ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු ව දින 03 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා පොලීසියට අවසර ලබා දී
තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත්තේ කුරුණෑගල -යන්තම්පලාව පදිංචි පුද්ගලයෙකුට එරෙහිව බවයි.

සැකකරුගේ නමට කුරුණෑගල – වීරඹුගෙදර පිහිටි පෞද්ගලික ආයතනයට ලැබී ඇති පාර්සලයක කිසියම් මත්ද්‍රව්‍යයක් ඇති බවට මහනුවර මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ඉකුත් 24 වෙනිදා මහනුවර මත් ද්‍රව්‍ය විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් සිදු කර කරනු ලැබුවා.

සැකකරු නමට ලැබී තිබූ පාර්සලයේ කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 736 ක් ද,මැජික් මෂ්රූම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 ක් ද, විමර්ශන කටයුතු සිදු කළ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව සැකකරුව වීරඹුගෙදර පොලිස් ස්ථානය මගින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් අවස්ථාවේදියි අධිකරණයෙන් මෙම විශේෂ නියෝගය නිකුත් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13