එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා අංශයේ දකුණු ආසියාව සඳහා අධ්‍යක්ෂ චාල්ස් කෙල්ලනන් මහතා අද (11) ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා හමුවුණා.
ධීවර අමාත්‍යාංශය නිවේදනය කරන්නේ කොළඹ – මාලිගාවත්ත පිහිටි අමාත්‍යාංශයේ පැවති මෙම රැස්වීමට එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව සඳහා වගකිව යුතු ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූ බවයි.
ශ්‍රී ලංකාවේ ධීවරයින් මුහුණ දෙන ගැටළු සහ ඒවා විසඳීම සඳහා වන යාන්ත්‍රණයන් පිළිබඳ ව හා ධීවරයින් සඳහා වන ව්‍යාපෘති සහ ඒවාට එක්සත් ජාතීන්ගේ දායකත්වය සම්බන්ධ ගැටළු ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරුණා.
ඒ හා සමානව, සංවර්ධන අංශවල එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු බවත් වාර්තාවනවා.
රට තුළ අත්හිටුවා ඇති සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූ අතර එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා අංශය විසින් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා ලබාදෙන සහයෝගයට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ද සිය කෘතඥතාව ද පළ කළා.