එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා අංශයට ශ්‍රී ලංකාවෙන් විශේෂ ස්තුතියක් පිරිනැමෙයි

එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා අංශයේ දකුණු ආසියාව සඳහා අධ්‍යක්ෂ චාල්ස් කෙල්ලනන් මහතා අද (11) ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා හමුවුණා.

ධීවර අමාත්‍යාංශය නිවේදනය කරන්නේ කොළඹ – මාලිගාවත්ත පිහිටි අමාත්‍යාංශයේ පැවති මෙම රැස්වීමට එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව සඳහා වගකිව යුතු ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූ බවයි.

ශ්‍රී ලංකාවේ ධීවරයින් මුහුණ දෙන ගැටළු සහ ඒවා විසඳීම සඳහා වන යාන්ත්‍රණයන් පිළිබඳ ව හා ධීවරයින් සඳහා වන ව්‍යාපෘති සහ ඒවාට එක්සත් ජාතීන්ගේ දායකත්වය සම්බන්ධ ගැටළු ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරුණා.

ඒ හා සමානව, සංවර්ධන අංශවල එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු බවත් වාර්තාවනවා.

රට තුළ අත්හිටුවා ඇති සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූ අතර එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සේවා අංශය විසින් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා ලබාදෙන සහයෝගයට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ද සිය කෘතඥතාව ද පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30