එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු සඳහා දායකත්වය හිමිවෙයි (ඡායාරූප)

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතුවලට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් අද (10) දිනයේ දී ප්‍රකාශ කර සිටියේ; එක්සත් ජනපදය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, වෙළෙඳ කටයුතු සඳහා වන ජාතික තනි කවුළු පද්ධතිය (Trade National Single Window System – TNSWS) ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ වෙළඳාම සඳහා පහසුකම් සලසන යටිතල පහසුකම් නවීකරණයට මෙරට මුදල් අමාත්‍යාංශය වෙත සහාය දීමට බලාපොරොත්තු වන බවයි.

මෙම ‘TNSW‘ පද්ධතිය ක්‍රියාත්මක වූ පසු වෙළඳ කටයුතු සඳහා අවශ්‍ය කරන තොරතුරු එක් රැස් කරගැනීම පහසු
වනු ඇති අතර, ඒ හරහා විනිවිදභාව සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමටත් වියදම් අඩු කරගැනීමටත්; ලැබිය හැකි ආදායම් වැඩි කරගැනීමටත් මග පාදනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්ත්වය මත, USAID හි සහාය ඇතිව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන TNSWS ව්‍යාපෘති පාර්ශ්වකරුවන් 94 දෙනෙකු සඳහා වැඩමුළුවක් පසුගියදා පවත්වමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම අන්තර්ක්‍රියාකාරී වැඩමුළුව හරහා ඉහත කී තනි කවුළු පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව සහභාගී වන්නන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීමට ද පියවර ගැනුණා.

ශ්‍රී ලංකාවේ TNSWS ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව සහ තිරසාරත්වය ද ඒ හරහා දිරිමත් කිරීමට කටයුතු කෙරුණු බවත් නිවේදනයේ සඳහන්.

“ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ සහ දීර්ඝ කාලීන හවුල්කරුවකු වශයෙන් එක්සත් ජනපදය ව්‍යාපාර සහ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරන්නට සහ අපනයන වර්ධනය කරන්නට දරන වෑයම් සඳහා සහාය දෙනවා. වෙළෙඳ කටයුතුවල විනිවිදභාව සහ පුරෝකථනය කළ හැකි බව වැඩි දියුණු කරන, ව්‍යාපාරවලට ඇති අභියෝග පහසු කරන TNSWS වැනි මුලපිරීම සඳහා අපි කැප වී සිටිනවා,” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෞ මහතා මෙහිදී අවධාරණය කළා.

“පෙර නොවූ අන්දමේ ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට වෙළෙඳ කටයුතු සඳහා ජාතික තනි කවුළු පද්ධතියක් ඇතිකිරීම ඉතාමත් වැදගත් වනවා. මෙම TNSWS හරහා අපේ වෙළෙඳ තරගකාරීත්වය වැඩිදියුණු වී අපනයන වර්ධනයට සහාය දීම හරහා තිරසාර ආර්ථික ස්ථායී බවක් සඳහා මග පාදාවි,” යනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ද මෙහිදී වැඩිදුරටත් මෙරට රජයේ පාර්ශ්වයෙන් අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකාව 2017 දී අත්සන් කරන ලද ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම් ගිවිසුමේ කොටසක් ලෙස, TNSWS ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන අතර TNSWS ක්‍රියාත්මක කිරීම සඳහා 2022 දී කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

Image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?