එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු සඳහා දායකත්වය හිමිවෙයි (ඡායාරූප)

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතුවලට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් අද (10) දිනයේ දී ප්‍රකාශ කර සිටියේ; එක්සත් ජනපදය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, වෙළෙඳ කටයුතු සඳහා වන ජාතික තනි කවුළු පද්ධතිය (Trade National Single Window System – TNSWS) ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ වෙළඳාම සඳහා පහසුකම් සලසන යටිතල පහසුකම් නවීකරණයට මෙරට මුදල් අමාත්‍යාංශය වෙත සහාය දීමට බලාපොරොත්තු වන බවයි.

මෙම ‘TNSW‘ පද්ධතිය ක්‍රියාත්මක වූ පසු වෙළඳ කටයුතු සඳහා අවශ්‍ය කරන තොරතුරු එක් රැස් කරගැනීම පහසු
වනු ඇති අතර, ඒ හරහා විනිවිදභාව සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමටත් වියදම් අඩු කරගැනීමටත්; ලැබිය හැකි ආදායම් වැඩි කරගැනීමටත් මග පාදනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්ත්වය මත, USAID හි සහාය ඇතිව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන TNSWS ව්‍යාපෘති පාර්ශ්වකරුවන් 94 දෙනෙකු සඳහා වැඩමුළුවක් පසුගියදා පවත්වමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම අන්තර්ක්‍රියාකාරී වැඩමුළුව හරහා ඉහත කී තනි කවුළු පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව සහභාගී වන්නන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීමට ද පියවර ගැනුණා.

ශ්‍රී ලංකාවේ TNSWS ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව සහ තිරසාරත්වය ද ඒ හරහා දිරිමත් කිරීමට කටයුතු කෙරුණු බවත් නිවේදනයේ සඳහන්.

“ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ සහ දීර්ඝ කාලීන හවුල්කරුවකු වශයෙන් එක්සත් ජනපදය ව්‍යාපාර සහ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරන්නට සහ අපනයන වර්ධනය කරන්නට දරන වෑයම් සඳහා සහාය දෙනවා. වෙළෙඳ කටයුතුවල විනිවිදභාව සහ පුරෝකථනය කළ හැකි බව වැඩි දියුණු කරන, ව්‍යාපාරවලට ඇති අභියෝග පහසු කරන TNSWS වැනි මුලපිරීම සඳහා අපි කැප වී සිටිනවා,” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෞ මහතා මෙහිදී අවධාරණය කළා.

“පෙර නොවූ අන්දමේ ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට වෙළෙඳ කටයුතු සඳහා ජාතික තනි කවුළු පද්ධතියක් ඇතිකිරීම ඉතාමත් වැදගත් වනවා. මෙම TNSWS හරහා අපේ වෙළෙඳ තරගකාරීත්වය වැඩිදියුණු වී අපනයන වර්ධනයට සහාය දීම හරහා තිරසාර ආර්ථික ස්ථායී බවක් සඳහා මග පාදාවි,” යනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ද මෙහිදී වැඩිදුරටත් මෙරට රජයේ පාර්ශ්වයෙන් අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකාව 2017 දී අත්සන් කරන ලද ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම් ගිවිසුමේ කොටසක් ලෙස, TNSWS ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන අතර TNSWS ක්‍රියාත්මක කිරීම සඳහා 2022 දී කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

Image 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46