එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව එක් වන අවසන් තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිව යි.

අද තරගය නවසීලන්තයේ ද අවසන් තරගය වනු ඇති.

අද පස්වරු 02ට මෙම තරගය බැන්ගලූරු හි දී ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 08න් තරග 04ක් ජයගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන තිබෙන්නේ සටහනේ සිව්වැනි තැනට ද හිමිකම් කියමින්.

නමුත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි ව ඇත්තේ 09 වැනි ස්ථානයයි.

ඒ ඔවුන් මුහුණ දුන් තරග 08න් 06ක් ම පරාජයට පත්වීම හේතුවෙන්.

එබැවින් මේ වනවිටත් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ම එළියට විසි වී සිටින ශ්‍රී ලංකාවට ලැජ්ජාවෙන් බේරීමට තවදුරටත් අවශ්‍ය වන්නේ නම්; අද තරගය කෙසේ හෝ ජයගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?