උ.පෙළ විභාගයේ ඉතිරි කොටස පැවැත්වීම ගැන චක්‍රලේඛය අද

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව ඊට අදාළ සවිස්තරාත්මක චක්‍රලේඛය අද (02) දින නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනවාරි 12 වනදා ආරම්භවන 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්, ඒ වනවිට පැවැත්වෙමින් තිබූ උසස් පෙළ විභාග තාවකාලිකව නවතා දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?