උසස්පෙළ විභාගයේ ඇගයීම් කටයුතු විභාගය අවසන්වීමට පෙර ඇරඹීමට සූදානම් – විභාග කොමසාරිස්

2025 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය අද (10) පෙරවරුවේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,362ක දී ආරම්භ වුණා.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු විභාගය අවසන්වීමට පෙර ආරම්භ කරන බවයි.

අද ආරම්භ වූ විභාගය, එළඹෙන දෙසැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වෙන අතර, මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 340,525 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?