උමා ඔය නිසා පීඩාවට පත් විශාල පිරිසකට සහන – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූවන් විශාල පිරිසකට මේ වන විටත් සහන ලබාදීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූවන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතායි මෙම දැනුම් දීම සිදු කළේ.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූ විශාල පිරිසකට මේ වන විටත් සහන සලසා දී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවත් සුළු පිරිසක් පමණක් සහන ලැබීමට නියමිතව සිටින බවත් සඳහන් කළා.

එම කරුණ අනුමත කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඉල්ලා සිටියේ සහන ලැබීමට නියමිත ඉතිරි පුද්ගලයින්ට ද කඩිනමින් සහන ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව අදාළ සහන ලබා දී ඇති ආකාරය හා ඉතිරි පිරිස්වලට පිරිනැමීමට නියමිත සහන ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට අධිකරණයන් වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම පෙත්සම කැඳවනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03