උදෑසන 10 වෙද්දි දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය වාර්තා වෙයි

10 වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු අද (14) උදෑසන 07 සිට ආරම්භ වුණු අතර අද පෙරවරු 10 වන විට ඡන්දය සලකුණු කිරීමට පැමිණි ඡන්ද දායකයින්ගේ ප්‍රතිශතය ලැබී තිබෙනවා.

ඒ අනුව මෙවර එම ඡන්දය සලකුණු කිරීමේ දළ ප්‍රතිශතය ලෙස;

මුලතිව් දිස්ත්‍රික්කය – 23%
ගම්පහ දිස්ත්‍රික්කය – 20%
යාපනය දිස්ත්‍රික්කය – 16%
කළුතර දිස්ත්‍රික්කය – 20%
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 25%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 22%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 25%
මාතලේ දිස්ත්‍රික්කය – 24%
වව්නියාව දිස්ත්‍රික්කය – 25%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 23%

පුත්තලම දිස්ත්‍රික්කය 22% ලෙස වාර්තා වනවා.

මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරක්.

ඡන්ද මධ්‍යස්ථාන 13,314ක දී අපේක්ෂකයින් 8361 දෙනෙකු වෙනුවෙන් මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙනවා.

අද පස්වරු 04ට ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අවසන් වන අතර ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 54ක දී ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඇරඹෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12

?