උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයේ සිංහල පේපරේ ලීක් වෙලා (වීඩියෝ)

උතුරු මැද පළාතේ අද (06) පැවැත්වීමට නියමිතව තිබූ එකොළහ ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ සිංහල ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් තුන්වන වාර පරීක්ෂණයේ සිංහල විෂය පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව පාසල් වෙත යොමු කර ඇති එකොළහ ශ්‍රේණියට අදාළ සියළුම සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටල විවෘත කිරීමකින් තොරව අද (06) පෙරවරු 9.00ට පෙර නැවතත් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රශ්න පත්‍රය ඊයේ (05) වට්ස්ඇප් සමූහ හරහා හුවමාරු වී ඇති අතර, ඉන් අනතුරුව පළාතේ අධ්‍යාපන බලධාරීන් වෙත විවිධ පාර්ශ්වයන් කළ පැමිණිලි අනුව කරුණු සොයාබලා එම ප්‍රශ්න පත්‍රය පැවැත්වීම වහාම අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ප්‍රශ්න පත්‍රය පිටවූයේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පළාත් ප්‍රධාන ලේකම්වරයා තීරණය කර තිබෙනවා.

මේ අතර එකොළහ ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වීම ලබන 20 දින සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන උපදෙස් ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?