AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු ඉරානය යළි ගුවන් ගමන් සේවා අරඹයි

ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉරානය යළි ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ සිවිල් ගුවන් සේවා සංවිධානය නිවේදනය කළේ ගුවන් ගමන් දේශීය වේලාවෙන් පෙරවරු 9.00ට ආරම්භ කළ බවයි.

ඊශ්‍රායල විසින් ඉරානයේ හමුදා ඉලක්ක කිහිපයක් වෙත අද (26) අලුයම එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ඉරානය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගත්තා.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේ තමන් ඉරාන හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර අවසන් කර ඇති අතර සිය ගුවන් යානා සියල්ල ආරක්ෂිතව ගමනාන්ත වෙත පැමිණි බවයි.

ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ප්‍රහාර ඊශ්‍රායල විසින් එල්ල කරනු ලැබුවා..

කෙසේ වෙතත් ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ වන විට ප්‍රහාරයෙන් සැබෑ හානිය වසන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?