ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු ඉරානය යළි ගුවන් ගමන් සේවා අරඹයි

ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉරානය යළි ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ සිවිල් ගුවන් සේවා සංවිධානය නිවේදනය කළේ ගුවන් ගමන් දේශීය වේලාවෙන් පෙරවරු 9.00ට ආරම්භ කළ බවයි.

ඊශ්‍රායල විසින් ඉරානයේ හමුදා ඉලක්ක කිහිපයක් වෙත අද (26) අලුයම එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ඉරානය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගත්තා.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේ තමන් ඉරාන හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර අවසන් කර ඇති අතර සිය ගුවන් යානා සියල්ල ආරක්ෂිතව ගමනාන්ත වෙත පැමිණි බවයි.

ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ප්‍රහාර ඊශ්‍රායල විසින් එල්ල කරනු ලැබුවා..

කෙසේ වෙතත් ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ වන විට ප්‍රහාරයෙන් සැබෑ හානිය වසන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14