ඉරාන හා පාකිස්තාන ජාතිකයින් දෙපළකට ලංකාවෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉරාන හා පාකිස්තානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනුයි එම නඩු තීන්දුව ලබා දුන්නේ.

2022 වසරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 123 ක් සන්තකයේ තබාගෙන සිටිය දී මෙම විත්තිකරුවන් පිරිස අත්අඩංගුවට ගත්තා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහි ව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

මෙම නඩුව අද (14) කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළා.

ඒ අනුව විනිසුරුවරයා විසින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

විත්තිකරුවන් කළ ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ව ඔවුන්ගේ මව් රටට පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?