ඉරාන හා පාකිස්තාන ජාතිකයින් දෙපළකට ලංකාවෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉරාන හා පාකිස්තානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනුයි එම නඩු තීන්දුව ලබා දුන්නේ.

2022 වසරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 123 ක් සන්තකයේ තබාගෙන සිටිය දී මෙම විත්තිකරුවන් පිරිස අත්අඩංගුවට ගත්තා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහි ව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

මෙම නඩුව අද (14) කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළා.

ඒ අනුව විනිසුරුවරයා විසින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

විත්තිකරුවන් කළ ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ව ඔවුන්ගේ මව් රටට පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියා.

  1. සිංහල හා දමිල තරැණ පරපුර මත්ද්‍රව්‍ය හරහා විනාශ කරමින් රට අන්තවාදී තස්වාදීන්ගේ ඇෆ්ගනිස්තානය කීරීමට කුමන්ත්‍රණය දියත් ඇති මෙම ඉරාන පකිස්තාන අන්තවාදී ත්‍රස්තයන්ට එරෙහිව හිව නීතිය ක්‍රියාත්මක කල සැමට ප්‍රණාමය !!!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15