ඉන්ධන හිඟයක් ගැන බයක් තියාගන්න එපා, සති තුනකට තෙල් තියනවා – ඛනිජ තෙල් සභාපති (වීඩියෝ)

ඉන්ධන ඇනවුම් ලබාගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ්.ඒස් ද ඒස්. රාජකරුණා සඳහන් කරනවා.

ඉරිදා දිනයෙන්වල දී සාමාන්‍යයෙන් ඉන්ධන ඇනවුම් භාරගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තෙල් සංස්ථාව මඟින් සිදුනොකරන නමුත්; ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ අද දිනයේ සාමාන්‍ය පරිදි එම කටයුතු සිදුකරන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වමින් සභාපතිවරයා අද (02) පෙරවරුවේ සඳහන් කළේ.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ගනුදෙනු කරන තෙල් බෙදුම්කරුවන් සඳහා අනිද්දා (04) දිනයේ පෙරවරු 9.00ට සාකච්ඡාවක් සඳහා ඇරයුම්කර ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම රට තුළ කිසිඳු ආකාරයකි ඉන්ධන හිඟයක් ඇති නොවන බව සඳහන් කළ සභාපතිවරයා තවත් සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ ගබඩාකරගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

මේ අතර කඩාකප්පල්කාරී ලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඩපන කිරීමට කටයුතු කරනවා නම් රජය මැදිහත්ව ඉන්ධන බෙදාහැරීමට ද සූදානමින් සිටින බව සභාපතිවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?