ඉන්ධන හිඟයක් ගැන බයක් තියාගන්න එපා, සති තුනකට තෙල් තියනවා – ඛනිජ තෙල් සභාපති (වීඩියෝ)

ඉන්ධන ඇනවුම් ලබාගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ්.ඒස් ද ඒස්. රාජකරුණා සඳහන් කරනවා.

ඉරිදා දිනයෙන්වල දී සාමාන්‍යයෙන් ඉන්ධන ඇනවුම් භාරගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තෙල් සංස්ථාව මඟින් සිදුනොකරන නමුත්; ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ අද දිනයේ සාමාන්‍ය පරිදි එම කටයුතු සිදුකරන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වමින් සභාපතිවරයා අද (02) පෙරවරුවේ සඳහන් කළේ.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ගනුදෙනු කරන තෙල් බෙදුම්කරුවන් සඳහා අනිද්දා (04) දිනයේ පෙරවරු 9.00ට සාකච්ඡාවක් සඳහා ඇරයුම්කර ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම රට තුළ කිසිඳු ආකාරයකි ඉන්ධන හිඟයක් ඇති නොවන බව සඳහන් කළ සභාපතිවරයා තවත් සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ ගබඩාකරගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

මේ අතර කඩාකප්පල්කාරී ලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඩපන කිරීමට කටයුතු කරනවා නම් රජය මැදිහත්ව ඉන්ධන බෙදාහැරීමට ද සූදානමින් සිටින බව සභාපතිවරයා අවධාරණය කළා.

  1. ආයතනයක් හරියට පරිපාලනය කරන්න බැරි කයියනායකයින්ට ඒවා බරදුන්නාම ප්‍රශ්න ඇතිවෙනවා. අපි අමාරුවේ වැටෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43