ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිට කැස්බෑව ඩිපෝව වෙත ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරුට සහ සහායකයාට ඩිපෝව තුළදී පිරිසක් පහරදී තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයින් දෙදෙනා රෝහල් ගතකර තිබෙනවා.පහරදීමට සම්බන්ධ ඩිපෝවේම කොන්දොස්තරවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බවුසරයෙන් ඉන්ධන රැගෙන ඒමෙන් පසු ඉක්මණින් පිටත්කරන ලෙස බවුසරයේ රියදුරා පැවසීමත් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.













