වෘත්තීය ත්‍රීරෝද රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවල අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.
මෙලෙස අවසන් ඉලක්කම් අනුව ඉන්ධන නිකුත් කිරීම දින දෙකක් හෝ තුනක් ඇතුළත ක්‍රියාත්මක කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ දී දැනට පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි අමත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2