ඉන්ධන පෝලිම් ඇති වූ හේතුව අනාවරණ වෙයි

ඉන්ධන මිල සංශෝධනයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වීම මෙන්ම ඉන්ධන හිගයක් ඇති වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් අනාවරණ වී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ පසුගිය සතියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බවයි.

පසුගිය සතියේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් හටගැනීමට හේතු වූයේ එම කරුණු මත බවටයි හෙළිවී ඇත්තේ.

එබැවින් අදාළ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් පණිවුඩය මගින් ප්‍රකාශ කළා.

මේ අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර ලබාදී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘතිවල බලපත්‍ර අහෝසි කිරීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, 2023-2026 සහ 2026-2030 වර්ෂ සඳහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳ ඊයේ (07) පැවැති සමාලෝචන රැස්වීමේදීයි.

ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකර නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙස ද ඔහු විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිම කරන සැලසුම, නව විදුලිය මිලදී ගැනීමේ මිල සූත්‍රය, ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබාදී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?