AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන ගැටලුවට පිළියම් සොයන්න රජයෙන් අලුත් වැඩක්

ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනය කරන සීමිත ඉන්ධන තොග මනා කළමනාකරණයකින් යුතුව හඳුනාගත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා ලබාදී ඉතිරි ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධනහල් වෙත ලබාදීම බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත් වීම මත සිදුකරන බව සඳහන්ය.

එමෙන්ම ඉන්ධනහල්වලින් පාරිභෝගිකයින් වෙත ඉන්ධන බෙදාහැරීමේදී නොයෙකුත් අඩුපාඩු සහ අක්‍රමිකතා සිදුවන බවට වාර්තා වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීම ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කර ඊට අදාළ වැඩපිළිවෙලක් කිරීම සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?