ඉන්ධනවලට ඩොලර් සොයන්න කබ්රාල් බාර ගනී

ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දී ඇත.

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඉකුත්දා පැවැති රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කල්තියා දැනුම් දෙන්නැයි ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇත .

ඉන්ධන අර්බුදය හමුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කරනු ලැබුවේ මහ බැංකුව දුන් එම පොරොන්දුව මත බව වාර්තා වේ.

කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මසකට ඩොලර් කෝටි 40 ක පමණ මුදලක් සංස්ථාවට අවශ්‍ය වන අතර ,විදුලිබලය සඳහා අවශ්‍ය දී ඩීසල් සහ දැවිතෙල් ලබා දීමට තවත් ඩොලර් කෝටි 5 ක පමණ මුදලක් අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම රැස්වීමේ දී වාර්තාවක් මගින් දැනුම් දී තිබිණි .

ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් කෝටි 45ක පමණ මුදලක් අවශ්‍ය වන අතර ,එය මාසික අපනයන ආදායමින් සියයට 45ක් බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52