ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරු අතර හමුවක් ඉන්දියාවේ දී

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන “Aero India 2025” ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ඊට සමගාමීව පෙරේදා (11) දින ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුවුණා.

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේ දී මූලික වශයෙන්, දෙරටේ අන්‍යෝන්‍ය මුහුදු සිමාවන් තුළ නීතිවිරෝධී මසුන් ඇල්ලීම මැඩලීමේ ක්‍රියාමාර්ග, සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සහ දෙරටේ ආරක්‍ෂක හමුදා සඳහා විවිධ පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානයට ලක් වූ බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, දෙරටේ ආරක්‍ෂක විෂය ක්ෂේත්‍රයන් තුළ සහයෝගීතාව වර්ධනය කරමින් ද්විපාර්ශ්වික හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබුවා.

මෙම හමුව ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා දෙපාර්ශ්වයේම නිලධාරීන් කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම සහ දෙරට අතර උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන තම කැපවීම යළිත් තහවුරු කළා.

නැගී එන ගෝලීය ආරක්‍ෂක අභියෝගවලට ඵලදායී අයුරින් මුහුණදීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පුහුණු අභ්‍යාස පැවැත්වීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔවුහු අවධාරණය කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?