ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරු අතර හමුවක් ඉන්දියාවේ දී

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන “Aero India 2025” ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ඊට සමගාමීව පෙරේදා (11) දින ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුවුණා.

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේ දී මූලික වශයෙන්, දෙරටේ අන්‍යෝන්‍ය මුහුදු සිමාවන් තුළ නීතිවිරෝධී මසුන් ඇල්ලීම මැඩලීමේ ක්‍රියාමාර්ග, සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සහ දෙරටේ ආරක්‍ෂක හමුදා සඳහා විවිධ පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානයට ලක් වූ බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, දෙරටේ ආරක්‍ෂක විෂය ක්ෂේත්‍රයන් තුළ සහයෝගීතාව වර්ධනය කරමින් ද්විපාර්ශ්වික හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබුවා.

මෙම හමුව ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා දෙපාර්ශ්වයේම නිලධාරීන් කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම සහ දෙරට අතර උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන තම කැපවීම යළිත් තහවුරු කළා.

නැගී එන ගෝලීය ආරක්‍ෂක අභියෝගවලට ඵලදායී අයුරින් මුහුණදීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පුහුණු අභ්‍යාස පැවැත්වීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔවුහු අවධාරණය කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14