ඉන්දු – පාකිස්ථාන තරගය පුළුල් තිරයේ පෙන්වන්න සාකච්ඡා

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය, ක්‍රීඩාංගණයට පැමිණ නැරඹීමට නොහැකි ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයෙන් පිට පුළුල් තිර ඔස්සේ තරගය නැරඹීමට පහසුකම් සැපයීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසනවා.

දැනට එවැනි වැඩපිළිවෙලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කර නොමැති බවයි උප සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ස්ථානවලට ආරක්ෂාව ලබාදීමේ ගැටළුවක් පවතින බවත්, තරගය පැවැත්වෙන දිනට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට දහසකට වැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට සූදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගයට ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන් කළ උප සභාපතිවරයා ලක්ෂයට අධික සංඛ්‍යාවක් ප්‍රවේශ පත්‍ර ඉල්ලුම්කර තිබූ බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
4
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03