AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය නළු දර්ශන් රඳවා සිටින හිරගෙදර හතකගේ වැඩ තහනම්

ඝාතන සිද්ධියක චූදිතයෙකු වී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඉන්දීය නළු දර්ශන් තුගුදීප රඳවා සිටින බන්ධනාගාරයේ නිලධාරීන් හත් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දර්ශන් තුගුදීප බන්ධනාගාරය තුළ එළිමහනේ දුම්වැටියක් උරමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ප්‍රසිද්ධ වීමත් සමඟ අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කර්නාටක රජය විසින් බෙංගාලෝර්හි මධ්‍යම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකුගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

මෙය බන්ධනාගාරයේ සිදු වූ අතපසු වීමක් වන බවත්, එය නැවත සිදු නොවීමට කටයුතු කරන බවයි කර්නාටක ස්වදේශ කටයුතු අමාත්‍ය ජී පරමේෂ්වර මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

බන්ධනාගාර ජේලර්වරයෙකු අදාළ ඡායාරූපය තම බිරිඳ සමඟ බෙදාගැනීමට කටයුතු කර ඇති අතර, අදාළ බිරිඳ එම ඡායාරූපය සමාජ මාධ්‍යවල පළකර තිබෙනවා.

ඉන් අනතුරුවයි නළු දර්ශන් තුගුදීපගේ එම ඡායාරූපය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය වී ඇත්තේ.

සිය රසිකයා වූ රේණුකස්වාමි ඝාතනයට සම්බන්ධ බව කියන මිනීමැරුම් චූදිතයෙකුට ප්‍රභූ ලෙස සැලකීම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් දැඩි විවේචනයට එල්ල වනට පටන්ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
13
+1
2
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?