ඉන්දියාවේ Covid-19 එන්නත් ත්‍රිත්ව-A ශ්‍රේණිගත කථාවක් ලබා දෙයි

ඉන්දියාව කොවිඩ් 19 එන්නත් වැඩසටහන ආරම්භ කර ජනවාරි 16 වන දිනට වසර දෙකක් සම්පූර්ණ කර තිබෙනවා.

එරට වාර්තා පවසන්නේ මෙම වසර දෙක තුළ දේශීයව ලබා දී ඇති කොවිඩ් 19 එන්නත් මාත්‍රා ගණන කෝටි 220කට වඩා වැඩි බවයි.

තවත් මාත්‍රා කෝටි 29ක් ඉන්දියාව අපනයනය කර තිබෙනවා.

එරට වාර්තා පවසන්නේ ඉන්දියාවේ එන්නත් වැඩසටහන් කාර්ය සාධනය ත්‍රිත්ව-A ශ්‍රේණිගත කිරීමකට වඩා අඩු නොමැති බවයි.

ත්‍රිත්ව-ඒ ශ්‍රේණිගත කිරීමක් හිමි වන්නේ එන්නත්වල පවතින සුලබතාව සහ දැරිය හැකි බව මත පදනම්වයි.

2020 දී ලෝකය ප්‍රථම වරට කොවිඩ් වසංගතයට නිරාවරණය වූ විට, මුල් ගෝලීය වෛද්‍ය සම්මුතිය වූයේ කොවිඩ් -19 ඇති කරන වෛරසයට එරෙහි එන්නත් මගින් පමණක් මරණ හා බලපෑමවලින් යම් තරමක ආරක්ෂාවක් ලබා ගත හැකි බවයි. එහිදී ගැටලුවක් වී තිබුණේ සෑම රටකටම, විශේෂයෙන්ම සම්පත් සීමා සහිත රටවලට, ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්නයි.

එන්නත් වාණිජමය වශයෙන් ලබා ගත හැකි නම් රටක් ගෙවිය යුතු මිල ,එහි සුලබතාව සහ ප්‍රවේශය පාලනය කිරීම මගින් විශාල ව්‍යාපාරික අවස්ථාවක් උදා වීම යන කරුණු මේ ඔස්සේ මතු වූ තවත් ගැටලුවක්.ලාභ ඉපයීමේ චේතනාව,එන්නත්වල දැරිය හැකි මිල වෙනස් කිරීමට කිරීමටද හේතුවක් වුණා. ඉන්දියාවේ මේ වැඩසටහන සාර්ථකවීමට හේතුවී තිබුණේ ලබා ගැනීමේ හැකියාව, ප්‍රවේශය සහ දැරිය හැකි මිල යන තුනම ලබා දීමට රට සමත් වීම මතයි.

ඉන්දියාවේ සෙරම් ආයතනය ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශාල වශයෙන් නිෂ්පාදනය කර තිබුණා. භාරත් බයෝටෙක් ආයතන විසින් එන්නත් නිෂ්පාදනය කර තිබුණේ දේශීය අවශ්‍යතාව වෙනුවෙන්.

එසේම සිය ත්‍රිත්ව-ඒ ජයග්‍රහණය මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ඉන්දියාව එන්නත් මෛත්‍රී වැඩසටහනක් ද ක්‍රියාත්මක කළා.

එසේම සිය ත්‍රිත්ව-ඒ ජයග්‍රහණය මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන්  ඉන්දියාව මෛත්‍රී නමින් එන්නත් වැඩසටහනක් ද ක්‍රියාත්මක කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34