සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණ ද ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සමානතා බොහොමයක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් ඊයේ (29) පස්වරුවේ කොළඹ දී සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අඩු වරප්‍රසාදිත පවුල්වල දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් එම සංගමය ඉටුකරනු ලබන කාර්යභාරය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.
දීපාවලි සැමරුම සියලුදෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතවරයා, එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීමට ද අමතක කළේ නැහැ.




