ඉන්දියාවත් ශ්‍රි ලංකාවත් එකම කාසියක දෙපැත්ත වගේ – ජනපති

සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණ ද ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සමානතා බොහොමයක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් ඊයේ (29) පස්වරුවේ කොළඹ දී සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අඩු වරප්‍රසාදිත පවුල්වල දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් එම සංගමය ඉටුකරනු ලබන කාර්යභාරය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.

දීපාවලි සැමරුම සියලුදෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතවරයා, එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීමට ද අමතක කළේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51