ඉන්දියාවට කඩුලු 7ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග අද පැවති තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 191ක්.

නායක බාබර් අසාම් ලකුණු 50යි. මොහොමඩ් රිස්වාන් ලකුණු 49ක් සහ ඉමාමුල් හක් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා සහ කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 192ක්.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. නායක රෝහිත් ශර්මා ලකුණු 86යි.

ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි ලකුණු 16 බැගින් ලබා සිටියදී දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16