spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග අද පැවති තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 191ක්.

නායක බාබර් අසාම් ලකුණු 50යි. මොහොමඩ් රිස්වාන් ලකුණු 49ක් සහ ඉමාමුල් හක් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා සහ කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 192ක්.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. නායක රෝහිත් ශර්මා ලකුණු 86යි.

ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි ලකුණු 16 බැගින් ලබා සිටියදී දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?