ඉන්දියාවට ඕස්ට්‍රේලියාව ඉදිරියේ පළමු තරගයෙන්ම අමිහිරි පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරග ජයගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (19) සමත් වුණා.

පර්ත් හි පැවති මෙම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 07කින්.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

මෙම තරගයේ දී හිටපු නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි කලකට පසු ඉන්දීය කණ්ඩායමට එක්ව සිටියා.

ඔවුන් දෙදෙනාට ලකුණු අතරට පිවිසීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබානොදුන් අතර, රෝහිත් ශර්මාට රැස්කර ගත හැකි වූයේ ලකුණු 08ක් පමණයි.

විරාට් කෝලිට ලකුණු ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට මිචෙල් ස්ටාර්ක්ට හැකියාව ලැබුණා.

තරගයේ ඉන්දීය ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 26කට සීමා වුණා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 136ක් රැස් කළා.

කඩාවැටී තිබූ ඉන්දීය ඉනිම යම්තාක් ඉහළට ඔසවා තබන්නට කේ.එල් රාහුල් සහ අක්ෂාර් පටෙල් කටයුතු කළේ පිළිවෙලින් ලකුණු 38ක් සහ 31 බැගින් රැස්කරමින්.

පන්දු යැවීමේ දී මැතිව් කුහ්නමන්, මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඩ් ඉන්දීය කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් එම ඉලක්කය පන්දුවාර 21යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණ දැවී පසුකර ගියා.

එහිදී නායක මිචෙල් මාෂ් නොදැවී ලකුණු 46ක් රැස්කළ අතර, ජොෂ් පිලිප් ද නොදැවී ලකුණු 37ක් රැස්කරමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ, අනුව පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයගත් ඕස්ට්‍රේලියාව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.

මෙම තරගය ශුබ්මන් ගිල් ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්ව මෙහෙය වූ පළමු තරගය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
5
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?