ඉන්දියානුවන්ට දෙවන විස්සයි විස්සේදීත් කොදෙව්වන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් කොදෙව්වන් මෙම තරගය ජය ගත්තේ කඩුලු දෙකකින්.

ගයනා හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණා.

තම මංගල විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දීය පිතිකරු තිලක් වර්මා සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 51ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ඉෂන් කිෂාන් ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් පන්දුවාර 03ක් තුළ ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ අතර, අකීල් හුසේන් සහ අල්සාරී රෝසප් අතරේ ද කඩුලු 02 බැඟින් බෙදීගියා.

අනතුරුව ලකුණු 153අ ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරන් පන්දු 40ක් තුළ වේගවත් ලකුණු 67ක් රැස් කරමින් ඔවුන්ගේ ජය මාවත විවර කර දුන්නා.

එහිදී නායක රොව්මන් පවෙල් ලකුණු 21ක් සහ ප්‍රහාරාත්මක පිතිකරු ෂිම්රොන් හෙට්මයර් ලකුණු 22ක් බැඟින් රැස්කරමින් කොදෙව් ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව පන්දුවාර 18යි පන්දු පහක් තුළ කඩුලු 06ක් පමණක් දැවී කොදෙව්වන් මෙම තරගය ජය ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා කොදෙව් පිළිතුරු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කාණ්ඩායම පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
17
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47