spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානුවන්ට දෙවන විස්සයි විස්සේදීත් කොදෙව්වන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් කොදෙව්වන් මෙම තරගය ජය ගත්තේ කඩුලු දෙකකින්.

ගයනා හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණා.

තම මංගල විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දීය පිතිකරු තිලක් වර්මා සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 51ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ඉෂන් කිෂාන් ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් පන්දුවාර 03ක් තුළ ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ අතර, අකීල් හුසේන් සහ අල්සාරී රෝසප් අතරේ ද කඩුලු 02 බැඟින් බෙදීගියා.

අනතුරුව ලකුණු 153අ ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරන් පන්දු 40ක් තුළ වේගවත් ලකුණු 67ක් රැස් කරමින් ඔවුන්ගේ ජය මාවත විවර කර දුන්නා.

එහිදී නායක රොව්මන් පවෙල් ලකුණු 21ක් සහ ප්‍රහාරාත්මක පිතිකරු ෂිම්රොන් හෙට්මයර් ලකුණු 22ක් බැඟින් රැස්කරමින් කොදෙව් ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව පන්දුවාර 18යි පන්දු පහක් තුළ කඩුලු 06ක් පමණක් දැවී කොදෙව්වන් මෙම තරගය ජය ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා කොදෙව් පිළිතුරු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කාණ්ඩායම පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
17
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?