ඉදිරියට ගත යුතු පියවර ගැන කියන්න රනිල් පක්ෂ නායකයින් කැඳවයි

ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමඟඇති වූ ආපදා තත්ත්වය හමුවේ ගතයුතු පියවර පිළිබදව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

මීට පෙර ඇති වූ දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසා සිටියා.

ඒ අනුව ලබන බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.

2003 සහ 2016 වසරවල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව ද වජිර අබේවර්ධන කියා සිටියේ.

මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර අබේවර්ධන පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
27
+1
1
+1
1
+1
2
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?