ඉදිරියට ගත යුතු පියවර ගැන කියන්න රනිල් පක්ෂ නායකයින් කැඳවයි

ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමඟඇති වූ ආපදා තත්ත්වය හමුවේ ගතයුතු පියවර පිළිබදව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

මීට පෙර ඇති වූ දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසා සිටියා.

ඒ අනුව ලබන බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.

2003 සහ 2016 වසරවල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව ද වජිර අබේවර්ධන කියා සිටියේ.

මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර අබේවර්ධන පවසා සිටියා.

  1. සිංගප්පුරු යාලුවත් එනවද.? බැංකු කඩන හැටි කියා දෙන්නද හදන්නේ ?
    ඔය ඔක්කොටම ඉස්සෙල්ලා මහබැංකුව කොල්ල කාපු සල්ලි ටික දුන්න නම් හොඳටම ඇති..
    චන්දෙන් කුජීත වෙලා ඇපත් නැතුව ගෙදර යවපු එකා දැන් ආයෙ ඔලුව දාන්න හදනවා නැවත මිනිස්සුන්ව රවට්ටන්න පුලුවන්ද බලන්න.
    තුක් නොදකින් කාලකන්නියා.

  2. ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය මත රට ශුද්ධ කොට ගොඩ නගමු .ඊට අවශ්‍ය නායකත්වය ගොඩ නගමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57