ඉතාම කෙටි කාලයක් තුළ පිරිහීමට ලක්වූ පක්ෂය පොහොට්ටුවයි – ශාන් විජයලාල් ද සිල්වා

දේශපාලන පක්ෂයක් ඉතා කෙටි කාලයක් තුළ මුහුණ දුන් ඉතා දුක්ඛිත සහ අසීරු තත්තත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසනවා.

එම පක්ෂය ගොඩනැඟීම සඳහා කැප වූ විශාල පිරිසක් මේ වනවිටත් පක්ෂයේ සාමාජිකයෙක් බවට ප්‍රකාශ කිරීම පවා ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිටත් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි 35ක් පමණ පිරිසක් විපක්ෂයේ අසුන්ගෙන සිටින බවත් නුදුරේදීම එම පක්ෂයේ තවත් පිරිසක් විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මාධ්‍යවෙත අදහසක් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?