ඇසිඩ් සහ තියුණු ආයුධ ප්‍රහාරයකින් 8කට තුවාල

අහුන්ගල්ල පතිරාජගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් සහ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ගැටුමෙන් කණ්ඩායම් දෙකෙහිම පිරිස්වලට තුවාල සිදුවී ඇති අතර කාන්තාවන් 4 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එක් පාර්ශවයකින් එල්ල කරන ලද කඩු පහාරයකින් අනෙක් පාර්ශවයේ අයකුට බරපතල තුවාල සිදුවී ඇති අතර අනෙක් පාර්ශවය ඊට පිළිතුරු වශයෙන් එල්ල කරන ලද ඇසිඩ් පහාරයකින් හා පහරදීම්වලින් පිරිසකට තුවාල සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇත්තේ අසල්වැසි නිවෙස් දෙකක් අතර බව සඳහන්.

තුවාලකරුවන් අතර එක් පවුලක මව, දුව සහ පුත්‍රයා මෙන්ම අනෙක් පවුලේ පියා, මව සහ පුත්‍රයන් දෙදෙනෙකු ද වනවා.

තුවාලකරුවන් ඇතුලත් කර ඇත්තේ බලපිටිය රෝහලටයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?