ඇසිඩ් සහ තියුණු ආයුධ ප්‍රහාරයකින් 8කට තුවාල

අහුන්ගල්ල පතිරාජගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් සහ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ගැටුමෙන් කණ්ඩායම් දෙකෙහිම පිරිස්වලට තුවාල සිදුවී ඇති අතර කාන්තාවන් 4 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එක් පාර්ශවයකින් එල්ල කරන ලද කඩු පහාරයකින් අනෙක් පාර්ශවයේ අයකුට බරපතල තුවාල සිදුවී ඇති අතර අනෙක් පාර්ශවය ඊට පිළිතුරු වශයෙන් එල්ල කරන ලද ඇසිඩ් පහාරයකින් හා පහරදීම්වලින් පිරිසකට තුවාල සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇත්තේ අසල්වැසි නිවෙස් දෙකක් අතර බව සඳහන්.

තුවාලකරුවන් අතර එක් පවුලක මව, දුව සහ පුත්‍රයා මෙන්ම අනෙක් පවුලේ පියා, මව සහ පුත්‍රයන් දෙදෙනෙකු ද වනවා.

තුවාලකරුවන් ඇතුලත් කර ඇත්තේ බලපිටිය රෝහලටයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14